දේශීය

රිෂාඩ් සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් දේශපාලනඥයන්ගේ දැඩි කණස්සල්ල

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් දේශපාලනඥයන් දැඩි කණස්සල්ල පළකර ඇත. 

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායකයා සහ ඔහුගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද (24) අලුයම් කාලයේදීයි.

මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, එස්.එල්.එම්.සී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා සහ සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් ද ප්‍රකාශයන් නිකුත් කර තිබුණි.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර කිරීම සහ අනුබලදීම යන චෝදනා මත ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලබන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

බස්නාහිර පළාත තුළ සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment