දේශීය

බස්නාහිර පළාත තුළ සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක්

(UTV| කොළඹ) – සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහන බස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන 75 ක ආරම්භ වී තිබේ.

පාරිභෝගික ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමේ වැඩසටහනේ පළමු පියවර වශයෙන් බස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන හරහා ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පැවසුවේය.

ඒ් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 26 කදී, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 41 කදී සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8කදී පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරෙන බව සඳහන්.

බස්නාහිර පළාතෙන් ආරම්භ වූ එම වැඩසටහන ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය පැවසුවේය.

 

 

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන රෝහලෙන් ලැබෙන තොරතුරු

Editor O

රට ලොක්ඩවුන් කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10කින් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment