දේශීය

රට ලොක්ඩවුන් කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10කින් ජනපතිට ලිපියක්

(UTV | කොළඹ) – අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිතුමා වෙත ලිපියක් යවන එම පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති තුනක රට අගුළු දැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙලීමට නොහැකි වන බව තමන්ගේ විශ්වාසය බවය.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා , ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ මහතා , පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා , ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා මහතා , එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස් මහතා , ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ මහතා , ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මහතා සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් මේ ලිපියට අත්සන් කර තිබේ.

ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ , අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.

වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ.

Related posts

බස්නාහිරට ඇතුළුවන සෑම ස්ථානයකටම විශේෂ මාර්ග බාධක

Mohamed Dilsad

තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස බද්දේගම මහා ජන රැළියේදී කියයි.

Editor O

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

Mohamed Dilsad

Leave a Comment