දේශීය

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන අද (01) සහ හෙට (02) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හෙද වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

කොරෝනා රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂිත රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළා.

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කළේ, හෙද සේවාවේ ගැටලු සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

Related posts

ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

Mohamed Dilsad

හදිසි අතුරු වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක්

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා හේතුවෙන් ලංකාවේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 06 ක් – මරණ 03 ක්

Mohamed Dilsad

Leave a Comment