දේශීයව්‍යාපාරික

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

(UTV | කොළඹ) – ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නව නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඕනෑම සමාගමකට අවසරහිමි වුවද අදාළ නිෂ්පාදනයේ නියමිත පරිදි බර සඳහන් කළ යුතු වේ.

කෙසේවෙතත් අදාළ සමාගම විසින් හඳුන්වා දුන් නව ගෑස් සිලින්ඩරයේ ධාරිතාව කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් මගින් දක්වා තිබීම ගැටලු සහගත තත්ත්වයක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය.

එමෙන්ම වෙ‍ළෙඳපොළේ පවතින කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 1493 ක් ලෙසය.

නව ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය ලීටර් 18 ක් ලෙස දක්වමින් රුපියල් 1395ක මිලකට  පාරිභෝගිකයාට සහනයක් ලබාදීමේ “ප්‍රීමියර් හයිබ්‍රිඩ්“ නමින් ලිට්‍රෝ සමාගම විසින් නව නිෂ්පාදනය හඳුන්වා දී තිබේ.

කෙසේවෙතත් එහි අඩංගු වන ගෑස් ප්‍රමාණය සිලින්ඩරයේ දක්වා ඇති ප්‍රමාණයට වඩා අඩු අගයක් ගන්නා බව සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ තොරතුරු නිසි ලෙස දක්වමින් වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී ඇති අතර නව නිෂ්පාදනයේ සාම්පල ද එහි නිලධාරීන් විසින් ලබාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

Related posts

ගම සමග පිළිසඳරට ජනාධිපති කාර්ය සාධක බළකායක් – සභාපති නාමල්

Mohamed Dilsad

රාජකාරියේ වගවීම පැහැරහැරි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Editor O

දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

Leave a Comment