දේශීය

දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට

(UTV |කොළඹ) – දිස්ත්‍රික්ක 25හිම දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැදවා තිබේ.

අද පස්වරු 4ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හමුවේ අදාළ දිස්ත්‍රික්කවල මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර බස්නාහිර පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අද පෙරවරුවේ  අරලියගහ මන්දිරයට කැදවා තිබුණි.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහාය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය පහසුකම් හා සේවා සැපයීම මෙන්ම ඊට අදාළව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම අද සලකා බැලේ

Mohamed Dilsad

රිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment