දේශීය

ගම සමග පිළිසඳරට ජනාධිපති කාර්ය සාධක බළකායක් – සභාපති නාමල්

(UTV | කොළඹ) – ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර ඇත.   

ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ලෙස එය නම් කර තිබේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 15 දෙනෙකු ඇතුළත්.

රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක සියලූම ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කෙරෙනවා.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

Related posts

නව ආසාදිතයින් 243ක්

Mohamed Dilsad

මලල ක්‍රීඩිකාවක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

Leave a Comment