දේශීය

UPDATE : රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට

(UTV | කොළඹ) – රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ, රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගැනීමට පෙර සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා එම වීඩියෝවේ මෙසේ පවසයි.

වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
කතානායක දැනුවත් කළාද ඇහුවා.
එයාලා උත්තර දුන් නෑ..!

ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා.
මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.
පාන්දර දෙක හමාරට තුනට විතර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත්
යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා.

මං පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්..!
ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා.
එයාලා උත්තර දුන් නෑ.

වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
ඒකටත් උත්තර දුන් නෑ.
මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නෑ.

මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ.
මගේ අත් පිරිසිදුයි.”

Related posts

තවත් ආසාදිතයින් 277ක්

Mohamed Dilsad

සියලුම විශ්වවිද්‍යාල විවෘත කෙරේ

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment