දේශීය

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) –  රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස එම රෝහල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රෝගීන් තමන්ට ආසන්නතම රජයේ රෝහලේ අක්ෂි සායනය සඳහා යොමුවිය හැකි බවත් , විශේෂ අක්ෂි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අදාළ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් යොමු කිරීම් ලිපියක් සමඟ ජාතික අක්ෂි රෝහල වෙත පැමිණිය යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම වයස අවුරුදු 14 අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද ජාතික අක්ෂි රෝහල ඉල්ලා සිටී.

Related posts

තංගල්ලෙන් සුඛෝපභෝගී රථයක් සොයාගනී.

Editor O

මැතිවරණය පැවැත්වීමට කොමිසමට ඇති බලයට ආණ්ඩුව බාධා කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

Mohamed Dilsad

කුවේටයේ සිටින ලේඛණගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම මේ මස ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment