දේශීය

පොලිස් කොස්තාපල් ඝාතනය පිළිබඳව දැඩි විමර්ශන

(UTV | කොළඹ) – කඩවත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු කිරිබත්ගොඩදී පැහැරගෙන ගොස් වේරහැර බුලුගොඩ ප්‍රදේශයේදී ඝාතනය සම්බන්ධයෙන් මේ සැකපිට තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව මේ වනවිට සිද්ධියට අදාළව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවේ සිටින අතර ඔවුන් අද (22) පන්නල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය සඳහන් කරන ආකාරයට මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ වෙරලුගම , වත්තල සහ යක්විල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 23 හැවිරිදි තුන් දෙනෙකු වේ.

ඊයේ (21 ) අලුයම කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකල විමර්ශනයකදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර වේරහැර බුලුගොඩ ප්‍රදේශයෙන් සොයාගැණුනේය.

පැහැරගැනීම සඳහා භාවිතකරන ලද ත්‍රීරෝද රථය , ඝාතනයට යොදාගත් කඩු 2 ක් සහ ජංගම දුරකථන 5 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 3 දෙනා සහ නඩු භාණ්ඩ කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිසිය සහ කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව ජූලි 7 සිට 16 දක්වා බම්බලපිටියේදී

Editor O

UTV NEWS ALERT වෙතින් නවතම පුවත් එසැනින් ඔබේ ජංගම දුරකථනයට

Mohamed Dilsad

නාවිකයින්ට හා ධීවරයින්ට නැවත දැනුම්දෙන තුරු මුහුදු ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment