Trending Newsඑසැන පුවත්දේශීය

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව ජූලි 7 සිට 16 දක්වා බම්බලපිටියේදී

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදීය. පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 7 වනදා සිට 16 වනදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුලු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරින.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් මෙන්ම, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කොළඹ මහනගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා පොලීසිය, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුලු රේඛීය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

பிரதமர் – மூன்று உயர்ஸ்தானிகர்கள் சந்திப்பு [VIDEO]

Mohamed Dilsad

ஐ.தே.தேசியக் கட்சியின் வரவு செலவுத் திட்டம் சபையில் தோற்கடிப்பு

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කෝටි6 මුදල් සමඟ අත්අඩංගුවට[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment