විදෙස්

කොවිඩ් 19 එන්නතක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුභදායී පණිවුඩයක්

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් මේ වසර අවසානය වනවිට හඳුන්වාදිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් පවසයි.

මේවන විට පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් සංඛ්‍යාව නවයක් බවත් ඔහු හෙළි කළේය.

ජිනීවා හි දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ එන්නතක් සොයාගැනීමේ ක්‍රියාවලිය සඳහා සියලු රටවල් සහයෝගය ලබාදිය යුතු බවයි.

2021 වසර අග වන විට එන්නත් බිලියන 20ක් ලොව පුරා බෙදාහැරීම අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් තුන්කෝටි 60 ලක්ෂ 28,000 ඉක්මවා ගොස් ඇත.

Related posts

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.

Editor O

වසංගතය තවත් දරුණුයි – ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment