දේශීය

වෙඩි වැදි මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගුවනින් ලංකාවට

(UTV | කොළඹ) – වෙඩි වැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇත.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ , ඊයේ පස්වරුවේ එම සිරුර මෙරටට රැගෙනවිත් ඇති අතර මියගිය පුද්ගලයා ගම්පහ නැදුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බවයි.

මිය ගිය පුද්ගලයා ඉතාලියේ ඇප්‍රිලියා නගරයේ සේවය කළ අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු සේවය කළ ස්ථානයේ ඇති වූ යම් සිද්ධියකදී මේ පුද්ගලයා මියගොස් ඇති බවත් ඉන්පසුව ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට එවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මරණ පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

 

 

Related posts

ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට

Editor O

හෙට සිට සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවල වැඩ ඇරඹේ

Mohamed Dilsad

බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment