දේශීය

පෝර්ට් සිටි පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොණු කර ඇති පෙත්සම් 19 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වී ඇත.   

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

පෙත්මමෙහි වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයායි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් මෙම පෙත්සම් ගොනු කරනු ලැබීය.

Related posts

ධම්මිකගෙන් මෙරට ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට අවුරුදු 5කට වීසා

Mohamed Dilsad

බටලන්ද කොමිෂන් සභා වාර්තාවට වෙන දේ ගැන රාසමානික්කම්ගෙන් ප්‍රකාශයක්

Editor O

මැතිවරණ පැමිණි 2500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment