දේශීය

හෙට සිට සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවල වැඩ ඇරඹේ

(UTV | කොළඹ) – රජයේ ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ජුනි 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය අද (24) දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

 

ඒ අනුව හෙට  (25) සිට සියලුම කාර්ය මණ්ඩල කැඳවා රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න පැවසීය.

මේ වනවිට ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවාවන් ද යථා තත්ත්වයට පත් විය හැකි බැවින් මෙලෙස රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පසුගියදා චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබිණි.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

Mohamed Dilsad

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment