ගොසිප්

ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්න කියයි

(UTV | කොළඹ) – යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට මැග්නිට්ස් සම්බාධක පනත යටතේ සම්බාධක සහ තහංචි පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරිනියක් වන යස්මින් සුකා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.  

ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ , පිටු 50 ක වාර්තාවක් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය වෙත යවමින්.

මෙම වාර්තාවේ ඇය විසින් එරට සිටින හිටපු කොටි හිතවාදීන්ගේ සාක්‍ෂි ද ඇතුළත් කර ඇත. එහෙත් ඔවුන් කවුදැයි හෙළිවී නොමැත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යස්මින් සුකා කෙටුම්පත් කළ තෙවැනි වාර්තාව මෙයයි.

Related posts

ගව ඝාතනය තහනම්.

Mohamed Dilsad

නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිදගෙන් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment