ගොසිප්ප්‍රමුඛ පුවත 1

ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිදගෙන් රහස් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය බෝම්බකරු මොහොමඩ් සහරාන්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ රහස් පාපෝච්චාරණයක් ලබා දී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

සහරාන්ගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සාක්ෂි විමසීමද ඊයේ (15දා) සිදුකරනු ලැබූ අතර පැයකට අධික කාලයක් ඇය එම ප්‍රකාශය ලබාදීම සිදුකරන ලදී.

තවද සහරාන්ගේ බිරිද නමැත්තියගේ වසර 4ක් වයසැති දියණිය වන රුහයියා සහරාන්ගෙන්ද සාක්ෂි සටහන් කර ගැනුණු අතර අනිත් බෝම්බකරු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා හා සහෝදරයින් දෙදෙනාගෙන්ද අධිකරණයේදී සාක්ෂි ලබා ගත් බව අප වාර්තාකරු සදහන් කළේ.

ඊට අමතරව, මේ වනවිට රැඳවුම් භාරයේ තබාගෙන සිටින මොහොමඩ් සහරාන්ගේ රියැදුරුගෙන් සහ බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුගෙන්ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාගත්තේය.

මේ පිරිසව දැඩි ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බසී

Mohamed Dilsad

විපක්‍ෂ නායක සමඟ ජවිපෙ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment