දේශීයවිදෙස්

පිලිප් කුමරුගේ අභාවයට ලොව නන් දෙසින් ශෝක පණිවිඩ – අගමැති මහින්දත් සොව පළ කරයි

(UTV| එංගලන්තය) – එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු ඊයේ (09) දින අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාළිගාව විසින් නිවේදනය කළේය.   

දෙවන එළිසබෙත් මහ රැජිණගේ සහකරු ලෙස 73 වසරක් ගත කළ පිලිප් කුමරු මිය යන විට අවුරුදු 99 ක් ආයු වළඳා සිටියහ.

මහා බ්‍රිතාන්‍ය පිලිප් කුමරුන්ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් තමන් මෙම ශෝක පණිවිඩය නිකුත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර පිලිප් කුමරුන්ගේ අභාවය පිළිබඳ ලොව පුරා රාජ්‍ය නායකයන් / දේශපාලන නායකයන් ඇතුලු පාර්ශව ගණනාවක් ශෝකය පළ කරමින් පණිවිඩ නිකුත් කර ඇත.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් / ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඇතුලු නායකයින් විශාල පිරිසක් ඊට අයත්.

ඔහුගේ අභාවය නිමිත්තෙන් අද ලන්ඩනය ඇතුලු මහා බ්‍රිතානයේ ප්‍රධාන නගරවලදී ආචාර වෙඩි මුර 41 ක් පැවැත්වීමට නියමිතයි.

දැනට ජීවත්ව සිටින සියලුම හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩ යොමුකර ඇත.

 

 

Related posts

තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

තවත් ගම්මානයක් හුදකලා කරයි

Mohamed Dilsad

සතොස හරහා එක් පුද්ගලයෙකුට මිළදි ගත හැකි පොල්ගෙඩි සංඛ්‍යාව තුනක්

Mohamed Dilsad

Leave a Comment