දේශීයවිදෙස්

පිලිප් කුමරුගේ අභාවයට ලොව නන් දෙසින් ශෝක පණිවිඩ – අගමැති මහින්දත් සොව පළ කරයි

(UTV| එංගලන්තය) – එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු ඊයේ (09) දින අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාළිගාව විසින් නිවේදනය කළේය.   

දෙවන එළිසබෙත් මහ රැජිණගේ සහකරු ලෙස 73 වසරක් ගත කළ පිලිප් කුමරු මිය යන විට අවුරුදු 99 ක් ආයු වළඳා සිටියහ.

මහා බ්‍රිතාන්‍ය පිලිප් කුමරුන්ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් තමන් මෙම ශෝක පණිවිඩය නිකුත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර පිලිප් කුමරුන්ගේ අභාවය පිළිබඳ ලොව පුරා රාජ්‍ය නායකයන් / දේශපාලන නායකයන් ඇතුලු පාර්ශව ගණනාවක් ශෝකය පළ කරමින් පණිවිඩ නිකුත් කර ඇත.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් / ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඇතුලු නායකයින් විශාල පිරිසක් ඊට අයත්.

ඔහුගේ අභාවය නිමිත්තෙන් අද ලන්ඩනය ඇතුලු මහා බ්‍රිතානයේ ප්‍රධාන නගරවලදී ආචාර වෙඩි මුර 41 ක් පැවැත්වීමට නියමිතයි.

දැනට ජීවත්ව සිටින සියලුම හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩ යොමුකර ඇත.

 

 

Related posts

ලුණු මිල ඉහළ යෑමට මාලිමා ආණ්ඩුවේ ඇති සම්බන්ධය ගැන මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

Editor O

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

Mohamed Dilsad

මහාධිකරණ පහළොවක් විශේෂ නඩු සඳහා වෙන් කරයි

Editor O

Leave a Comment