Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා දැඩි අර්බුදයක -විපක්ෂ නායකගෙන් අනාවරණයක්

පැල්වත්ත සීනි සමාගම සේවකයන්ට මාස 9කින් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවා නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පැල්වත්ත හා සෙවනගල සීනි සමාගම්වල වර්තමාන අර්බුදය සම්බන්ධව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. 

ඒ අනුව, පැල්වත්ත සීනි සමාගම විසින් මේ වනවිට සිය සේවකයන්ට ගෙවිය යුතු සම්පූර්ණ අර්ථසාධක මුදල රුපියල් ලක්ෂ 3,240 ඉක්මවා ගොස් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.මාස 3ක සේවක අර්ථසාධක අරමුදලේ අධිභාරයක් ලෙස රුපියල් ලක්ෂ 230ක් ගෙවන්න සිදුව ඇති බවද ඔහු කීවේය.

ආයතනය විසින් සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ඉකුත් වසරේ (2024) අගෝස්තු මාසයේදී ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 5,000ක ණයක් ගෙන ඇති බවත්, එම වසරේ නොවැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 10,000ක ණයක් මෙන්ම පසුගිය දිනකද තවත් ණයක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

පැල්වත්ත සීනි සමාගම විසින් මේ වනවිට ගොවීන්ට රුපියල් ලක්ෂ 3,000 ක්ද, සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 4,000ක්ද ගෙවීමට ඇති බවද ඔහු කියා සිටියේය.

පැල්වත්ත සමාගමේ සේවකයන් 3795ක් සේවය කරන බවත්, දළ වශයෙන් ගොවීන් 5,700කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් තම ජීවිකාව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

සෙවනගලත් ලක්ෂ ගාණක් ණයයි!

සෙවනගල සමාගමද ගොවීන්ට රුපියල් ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත්, රු. ලක්ෂ 150ක සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ක්‍රියාත්මක වී නැති මොහොතක සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 1000ක්ද, රජයට වැට් බදු ලෙස රුපියල් ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

සෙවනගල සීනි සමාගමේ සේවකයන් 1300ක් සේවයේ යෙදී සිටින බවත්, ගොවීන් 3900කට ආසන්න ප්‍රමාණයක් එම සීනි සමාගමට සම්බන්ධවී සිටින බවත්, එම සමාගම විසින් ලංකා බැංකුවට රු. ලක්ෂ 2000ක ණයක්ද ගෙවීමට ඇති බවත් ඔහු කීවේය.

Related posts

இளைஞர்களது புதிய கண்டுபிடிப்புகளுக்கு நிதிசார்ந்த உதவிகள்-பிரதமர் ரணில்

Mohamed Dilsad

வெலே சுதாவுக்கு எதிரன வழக்கு பிற்போடப்பட்டது

Mohamed Dilsad

Netanyahu cancels UN deal to resettle African migrants

Mohamed Dilsad

Leave a Comment