දේශීය

CID යට නව අධ්‍යක්ෂවරයෙක්

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ස්ථාන මාරු කර තිබේ.    

ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.

සේවයේ අවශ්‍යතාව මත මහජන ආරක්ෂාව පිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවිම් සිදුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

Related posts

බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක්

Mohamed Dilsad

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑ

Mohamed Dilsad

අලුත් කෝටිපතියන් රැසක් රටට එළිදරව් වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment