දේශීය

CID යට නව අධ්‍යක්ෂවරයෙක්

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ස්ථාන මාරු කර තිබේ.    

ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.

සේවයේ අවශ්‍යතාව මත මහජන ආරක්ෂාව පිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවිම් සිදුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

Related posts

නීති විරෝදී ජාවාරමකට සම්බන්ධ මෙරට පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආපදාවෙන් අහිමිවූ ජීවිතවල, වගකීම ආණ්ඩුව ගත යුතුයි…! පාර්ලිමේන්තුවේ දෝංකාර දුන් අනුරාධ ජයරත්නගේ හඬ….

Editor O

අමරකීර්ති ඝාතන නඩුවේ විත්තිකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment