දේශීය

අද හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

(UTV | කොළඹ) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව දන්වා ඇත.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.

අද දින (10) දහවල් 12:11 ට නොරොච්චෝලේ, කරුවලගස්වැව, පලුගස්වැව, උස්වැව, සිංහපුර, කැලෑකරඹෑව සහ කුමාදිය යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

 

Related posts

නලින් හේවගේගේ පට්පල් කෙබරයක් ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

Editor O

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

Mohamed Dilsad

දිස්ත්‍රික් 10 කට නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment