Trending Newsඑසැන පුවත්දේශීය

නලින් හේවගේගේ පට්පල් කෙබරයක් ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

ජාතික ජන බලවේගය ආණ්ඩුව රගන්නා විට මෙරට විදේශ සංචිත ඩොලර් මිලියන 20ක් පමණක් බවට නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අද කැබිනට් මාධ්‍ය හමුවේ ප්‍රශ්න කළේය.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවන මොහොත වනවිට ශ්‍රී ලංකා මහබැංකුව සතුව ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්වත් සංචිත නොතිබුණු බවත් තම ආණ්ඩුවට එම සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළට ගෙන ඒමට මාස හතරක් තුළ හැකිවුණු බවටත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබිණි.

එහිදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට පිළිතුරු දුන්නේ මෙසේ ය.

“ශ්‍රී ලංකා මහබැංකුව සතුව තියෙන නිල සංචිත වත්කම් ප්‍රමාණය මම කියන්නම් මේ වෙලාවේ.

2024 සැප්තැම්බර් – ඩොලර් බිලියන 5.99
2024 ඔක්තෝබර් – ඩොලර් බිලියන 6.47
2024 නොවැම්බර් – ඩොලර් බිලියන 6.45
2024 දෙසැම්බර් – ඩොලර් බිලියන 6.12
2025 ජනවාරි – ඩොලර් බිලියන 6.06
2025 පෙබරවාරි – ඩොලර් බිලියන 6.08
2025 මාර්තු – ඩොලර් බිලියන 6.51

ඒක නිසා මේ තමයි මහබැංකුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන. ඔතනදී වරදක් වෙලා තිබෙනවා නම් මේ සංඛ්‍යාලේඛන පිළිගන්න කියලා මම කියනවා”

මේ අනුව නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව කැබිනට් ප්‍රකාශකවරයා විසින් තහවුරු කර ඇත.

Related posts

பிரதமர் மஹிந்தவின் அமைச்சின் கீழ் இலங்கை மத்திய வங்கி

Mohamed Dilsad

Global Pulse Confederation An Honour For Sri Lanka

Mohamed Dilsad

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

Mohamed Dilsad

Leave a Comment