විදෙස්

ජනපතිධූරය දීර්ඝ කළ හැකි නීතියට පුටීන් අත්සන් තබයි

(UTV | රුසියාව) – රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් ට එරට ජනාධිපති ලෙස 2036 දක්වා කටයුතු කිරීමට හැකියාව ලැබෙන නව නීතියකට ඔහු විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව තවත් ජනාධිපති ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමට ඔහුට අවස්ථාව හිමිවේ.

මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන රුසියානු ජනාධිපතිවරයාගේ ධූර කාලය 2024 දී අවසන් වීමට නියමිතය.

ඊයේ (05) ප්‍රකාශයට පත්කළ නව නීතිය අනුව තවත් ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමේ අවස්ථාව පුතීන් ට හිමිවේ. එරට එක් ජනපති ධූරකාලයක් වසර 6කි.

 

Related posts

සූවස් ඇළ අධිකාරිය එවර්ග්‍රීන් නැව් සමාගමෙන් ඩොලර් බිලිනයක් වන්දි ඉල්ලයි

Mohamed Dilsad

නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය දිවියට සමුදෙයි

Mohamed Dilsad

සියලු රාජ්‍යයන් යුක්රේන ජනතාව සමග සිටින බව බයිඩ්න් කියයි

Mohamed Dilsad

Leave a Comment