විදෙස්

ජනපතිධූරය දීර්ඝ කළ හැකි නීතියට පුටීන් අත්සන් තබයි

(UTV | රුසියාව) – රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් ට එරට ජනාධිපති ලෙස 2036 දක්වා කටයුතු කිරීමට හැකියාව ලැබෙන නව නීතියකට ඔහු විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව තවත් ජනාධිපති ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමට ඔහුට අවස්ථාව හිමිවේ.

මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන රුසියානු ජනාධිපතිවරයාගේ ධූර කාලය 2024 දී අවසන් වීමට නියමිතය.

ඊයේ (05) ප්‍රකාශයට පත්කළ නව නීතිය අනුව තවත් ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමේ අවස්ථාව පුතීන් ට හිමිවේ. එරට එක් ජනපති ධූරකාලයක් වසර 6කි.

 

Related posts

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයි

Mohamed Dilsad

කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment