Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්

ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහි තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් ද ආරම්භ කර ඇති බවය.

දැනට පවතින යහපත් තත්ත්වය හමුවේ බොහේ විට අද (25) දිනයේ ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති බව සඳහන්. දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඊශ්‍රායලය හා ඉරානය යන රටවල් දෙකම එකඟ වී  ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එම කාර්යාලය පැවසුවේ ඊයේ (24) දවස තුළ ඊශ්‍රායලයෙන් පිටත්වූ  ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොළ හරහා කොළඹට පැමිණි බවය. ශ්‍රී ලංකාවේ  දැනට රැඳී සිටින පිරිස් යළි ඊශ්‍රායලය වෙත පැමිණීමට තම ගුවන් ටිකට්පත් අදාළ ගුවන් ටිකට් පිළිබඳව විස්තර අදාළ විදේශ රැකියා ආයතන මඟින් විමසන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

බොහෝ මගීන් පිරිසක් එකවර පැමිණීමට අපේක්ෂා කරන බැවින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමට තරමක තදබදයක් තිබිය හැකි බව ද සඳහන්ය.

ටෙල් අවිව් වෙත පැමිණෙන ගුවන ගමන් හෝ ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳව වැඩිදුර  විස්තර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටී. මේ අතර සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදුකළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම කොන්දේසි ඊශ්‍රායලය පිළිපදින්නේ නම් පමණක් සටහන් විරාමයට අනුගත වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා තිබේ.

Related posts

Hong Kong protests: Jeremy Hunt warns China against ‘repression’

Mohamed Dilsad

Sweden’s Charlotte Kalla wins first gold medal of Pyeongchang 2018

Mohamed Dilsad

“When developing the economy, it is essential to focus on local industries” – President

Mohamed Dilsad

Leave a Comment