දේශීය

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි පොලිසියට

(UTV | කොළඹ) – 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ කිරුළු පැලඳු පුෂ්පිකාද සිල්වාට ජයග්‍රාහී කිරුළ පලඳා එය ඉවත්කරනු ලැබු කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (06) පෙරවරුවේ කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණි.  

ඒ අනුව ඇය අද දිනයේ දී ප්‍රකාශයක් ලබාදීමට පොලිසිය වෙත පැමිණෙනු ලැබුවාය.

කැරලොයින් ජූරි ගේ හැසිරීම සම්බන්ධයෙන් සිය සංවිධානයේ කනස්සල්ල පළකරන බව ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙරට සංවිධායකයින් විසින් ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් නීත්‍යානූකූලව විවාහක වී ඇති කාන්තාවක් ඉදිරිපත් කරන්නේ නම් තරඟාවලිය සඳහා ඇය පිළිගන්නා බවයි.

 

Related posts

මුජිබුර් ගොනු කළ පෙත්සම අඟහරුවාදා සලකාබැලේ

Mohamed Dilsad

කොරෝනා මරණ තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment