දේශීයව්‍යාපාරික

අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවීමට පියවර

(UTV | කොළඹ) – පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇත.  

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනා ගනු ලැබ ඇති ටීටොක් සමාගම මෙම අපනයනය සදහා හවුල් වී සිටී. ප්‍රධාන වශයෙන් ලංකා තේ අපනයනය කිරීමෙන් අනතුරුව විවිධාංගීකරණය වූ ටීටෝක් සමාගම දැන් නව්‍ය අගය එකතු කළ ශ්‍රී ලාංකික නිපැයුම් නිෂ්පාදනය කරන අතර, වැනිලා කරල් ආකාරයෙන් ජෝර්දාන් වෙළඳපොළට අපනයනය කිරීම ද ආරම්භ කොට ඇත. මෙතෙක්
ජෝර්දානයට ඇතුළු නොවූ ශ්‍රි ලංකා නිෂ්පාදන රැසක් ටිටොක් සමාගම හරහා ජෝර්දානයට යැවිමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සක්‍රීය ලෙස ශ්‍රී ලංකා අපනයන ජෝර්දානයට ගෙන යාම සඳහා වන ඔවුන්ගේ ක්‍රියාකාරී වාණිජ කටයුතුවල කොටසක් ලෙස, මීට පෙර ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ සාම්ප්‍රදායික වෙළඳපොළක් ලෙස සලකනු නොලැබූ ජෝර්දානයෙ වෙත තවත් නව නිෂ්පාදන ගෙන ඒමට පියවර ගෙන තිබේ.

ටීටෝක් සමාගම පසුගිය වසරේ පෙබරවාරි මස ශ්‍රී ලාංකික අපනයනකරුවන් ජෝර්දාන් වෙළඳපොළ වෙත හුරුපුරුදු කරවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මැතිනිය විසින් සංවිධානය කරන ලද පුරෝගාමී වෙළඳ නියෝජිත කණ්ඩායමට අයත් වූ එක් සමාගමකි.

Related posts

2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය

Mohamed Dilsad

එමිරේට්ස් ගුවන් සේවය මගී ගුවන් කටයුතු නවත්වයි

Mohamed Dilsad

කොටගල රත් කළ ගින්න

Mohamed Dilsad

Leave a Comment