දේශීය

සාප්පු සවාරි යන ජනතාවට පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යන ජනතාව වෙනුවෙන් පොලීසිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසයි.

විශේෂයෙන් දුම්රිය, බස් රථ ආදී පොදු ප්‍රවාහන සේවාවලදී මෙන් ම බහුලව මහජනයා ගැවසෙන ස්ථානවලදී  ස්වර්ණාභරණ කොල්ලකෑම්, අත්බෑග සොරා ගැනීම්, මුදල් පසුබ්මි පැහැර ගැනීම් වැනි නිරන්තරව වාර්තාවන අපරාධවලින් ආරක්ෂා වීමට විමසිල්ලෙන් පසුවන ලෙස ද  ජනතාවට වැඩිදුරටත් දැනුම්දී සිටී.

 

Related posts

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ නිකුත් කරන දිනය ගැන ඉඟියක්

Editor O

කටුගස්තොට ගින්නකින් 03 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment