දේශීය

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) තීරණය කළේය.   

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නියෝගය ලබාදුන්නේය.

පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම් දුන්නේ රන්ජන් රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඩුවම් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වැනිදායි.

Related posts

ටෙලිකොම් හි සභාපති ඉල්ලා අස් වේ

Mohamed Dilsad

නව ආසාදිතයින් 282ක්

Mohamed Dilsad

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment