දේශීය

ලබන මස පළවනදා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.  

විශේෂයෙන් දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ අතර , විවිධ පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.

 

Related posts

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපන්නු

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සමගි ජන බලවේගයෙන් ඉවත්වූ තවත් අපේක්‍ෂකයෙක්

Mohamed Dilsad

Leave a Comment