දේශීය

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපන්නු

(UTV |කොළඹ) – කොවිඩ් වසංගතය හමුවේ පවත්වනු ලැබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ සිසුන් 10 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඒ විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 ලබාගත් සිසුන් 10 දෙනෙක් ලෙසය.

ඒ අතර ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන්ට අයත්ය.

මේ අතර මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් අමර් , දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තේනුජ මනුමිත යන දරුවන් ද මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබාගැනීමට සමත්ව තිබේ.

එසේම, තවත් සිසුන් 06 දෙනෙකුද ලකුණු 200 ලබාගත් සිසුන් අතර වන අතර ඔවුන්ගේ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකරන අතර ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය සහ මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමඟයි.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 31,741 ක් ඉල්ලුම් කර තිබූ අතර, සිසුන් තුන් ලක්ෂ 26,264 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛණ ඉදිරියේදී තැපැල් කර එවීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Related posts

ඇතැම් ප්‍රෙද්ශවලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දැඩි ලෙස අසනීප වෙයි

Editor O

විමල් අධිකරණයට එයි

Mohamed Dilsad

Leave a Comment