දේශීය

අද දිනයේත් 186ක විදෙස්ගත කණ්ඩායමක් ලංකාවට

(UTV |කොළඹ) – අද දිනයේත් 186ක කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

18 වනදායින් පසුව පෙර පරිදි ගුවන් යානා කිහිපයක් මගින් විදෙස්ගත් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට  බලාපොරොත්තු වන බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

ඊයේ සහ පෙරේදා ගෙනා පිරිසෙන් ආසාදිතයින් 4 දෙනෙක් හමුව තිබේ.

රට තුළ ආසදිතයින්ට බලපෑමක් ඇති නොවන අයුරින් ඔවුන් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇත.

ඊළඟ පැය 48න් පස්සේ අනිවාර්යෙන්ම ඔවුන්ව ලංකාවට ගේන්න කටයුතු කරන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහ කරයි.

රටේ දැනට තිබෙන තත්ත්වයත් කොවිඩ් ආසාදනයවෙන සංඛ්‍යාවත් යන සියලු කරුණු කාරණා සැළකිල්ලට ගෙන සුදුසුම ක්‍රමවේදයක් යටතේ මෙම ගෙන්වීමේ කටයුතු කෙරෙන බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

ජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

බස්නාහිර සිරවී සිටි තවත් පිරිසක් ගම්බිම් වෙත

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නාය යෑමේ අවධානනම් නිවේදන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment