බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පැතිර යන වෛරස් උණ රෝගයට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සිංහල සංවිධාන එකමුතුව පවසයි.
එම සංවිධානය මාමාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් සඳහන් කළේ, කස්සප හිමියන් ඇතුළු පිරිස දැඩි අපහසුවෙන් පසුවන බවය.
ස්වාමීන්වහන්සේලා ඉතා අසීරුවෙන් ඇවිදින බවත්, කතා කිරීමේදී පවා අපහසුවෙන් පසුවන බවද සංවිධාන එකමුතුව සඳහන් කරති.
මෙම තත්ත්වය හමුවේ බන්ධනාගාර ගත කර සිටින ස්වාමීන් වහන්සේලා සිව්නම ඇතුළු අනෙකුත් පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම රජය, බන්ධනාගාර බලධාරීන් සහ අදාළ නිලධාරීන් භාරගත යුතු බව සිංහල සංවිධාන එකමුතුව අවධාරණය කරයි.
“
