දේශීය

අද සිට ගුවන්තොටුපොළ විවෘත වෙයි

(UTV කොළඹ) – ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය අද දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඕමානයේ මස්කට් නුවර සිට එලෙස මෙරටට පැමිණි බවයි.

මේ අතර තව ත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, මාලදිවයින, පකිස්ථානය, තුර්කිය, බහරේන් ඇතුළු රටවලින් අදාළ පිරිස පැමිණිමට නියමිත බවය.

එසේ පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනයට ‍යොමු කෙරෙනු ඇත.

 

Related posts

ඩොලරය 310ට නඟියි

Mohamed Dilsad

බන්ධනාගාර වල ආරක්ෂාවට විශේෂ ආරක්ෂක බලඇණියක්

Mohamed Dilsad

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

Editor O

Leave a Comment