දේශීයවිදෙස්

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30 ට පමණ දිවුරුම්දෙනු ලැබීය.

ඒ අමෙරිකාවේ අග විනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීයි.

එමෙන්ම අමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස කමලා හැරිස් මහත්මියද මෙහිදී දිව්රුම් දුන්නාය. ඇය එරට ඉතිහාසයේ පළමු අප්‍රිකානු ආසියානු සම්භවයක් සහිත උප ජනාධිපතිනිය වීමද විශේෂත්වයක්.

හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පණවා තිබූ විධායක නියමයන් 15 ක් ඔහු විසින් අවලංගු කිරීමද විශේෂත්වයක්.

දිව්රුම්දීමෙන් අනතුරුව ජෝ බයිඩ්න් මහතා / කමලා හැරිස් මහත්මිය සහ නව පරිපාලනයේ ප්‍රධානීන් සම්ප්‍රදායානුකූලව ධවල මන්දිරයට පැමිණියේය.

ඔවුන් අද දිනයේ සිටම රාජකාරි කටයුතු ආරම්භ කරන බව ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Related posts

විදුලි සේවකයන්ට අසනීපයි

Editor O

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

පී.සී.ආර්. කට්ටල 20,000 කට අධික සංඛ්‍යාවක් රැගත් ගුවන් යානය චීනයේ සිට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment