දේශීයවිදෙස්

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30 ට පමණ දිවුරුම්දෙනු ලැබීය.

ඒ අමෙරිකාවේ අග විනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීයි.

එමෙන්ම අමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස කමලා හැරිස් මහත්මියද මෙහිදී දිව්රුම් දුන්නාය. ඇය එරට ඉතිහාසයේ පළමු අප්‍රිකානු ආසියානු සම්භවයක් සහිත උප ජනාධිපතිනිය වීමද විශේෂත්වයක්.

හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පණවා තිබූ විධායක නියමයන් 15 ක් ඔහු විසින් අවලංගු කිරීමද විශේෂත්වයක්.

දිව්රුම්දීමෙන් අනතුරුව ජෝ බයිඩ්න් මහතා / කමලා හැරිස් මහත්මිය සහ නව පරිපාලනයේ ප්‍රධානීන් සම්ප්‍රදායානුකූලව ධවල මන්දිරයට පැමිණියේය.

ඔවුන් අද දිනයේ සිටම රාජකාරි කටයුතු ආරම්භ කරන බව ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Related posts

විශ්වවිද්‍යාල සිසු පිරිසක් රැගත් බස්රථයක් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ප්‍රපාතයකට පෙරළෙයී. දෙදෙනෙක් මියයයි. 30ක අධික පිරිසකට තුවාල

Editor O

මැතිවරණයට අදාළ අතුරු තහනම් නියෝගය ගැන ආණ්ඩුව ගැනීමට යන තීරණය

Mohamed Dilsad

සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment