දේශීය

ලබන මස පළවනදා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.  

විශේෂයෙන් දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ අතර , විවිධ පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.

 

Related posts

පොලිස්පති තනතුර කාටද ?

Mohamed Dilsad

සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ජනපතිගෙන් සැලසුම්

Mohamed Dilsad

SJB තීරණයට එරහිව ඩයනා ගමගේ අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment