ක්‍රීඩා

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

(UTV| ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.   

සචින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ තමාට සුළු රෝග ලක්ෂණ මතු වී ඇති බවයි.

පවුලේ අන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තමන් මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත් වෛද්‍ය උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවත් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Related posts

දැවැන්ත ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ නම් ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

ICC ය අලුත් මෙහෙයුමකට සැරසෙයි

Mohamed Dilsad

දකුණූ අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිත මෙන්න

Mohamed Dilsad

Leave a Comment