ක්‍රීඩා

ICC ය අලුත් මෙහෙයුමකට සැරසෙයි

(UTV|කොළඹ)  – ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තවත් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ මුදලට තරඟ පාවාදීමේ ක්‍රිකට් දූෂණවලට සම්බන්ධ අතරමැදියන්ද හෙලිදරව් කර ගැනීමටය.

තරඟ පාවාදුන් බවට චෝදනාවක් ඕස්ට්‍රේලියාවෙන්ද වාර්තා වීමත් සමඟ ජාත්‍යන්තර සම්මේලනය එම තීරණය ගෙන ඇත.

කෙසේ නමුත්, ක්‍රිකට්වලට සම්බන්ධ පාතාලයද හවුල් වූ මහා පරිමාණ ඔට්ටු තැබීමේ දූෂණ වාර්තා වන්නේ ආසියානු උප මහද්වීපයෙන් බව ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා.

මෙම මහා පරිමාණ ක්‍රිකට් ඔට්ටු තැබීමේ දූෂණ ක්‍රියාවලියේ ප්‍රධාන චරිත සහ අතරමැදියන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විමර්ශනවලට මෙතෙක් යොමු වූයේ නැහැ.

ඔවුන් මෙතෙක් සිදුකළේ අදාළ චෝදනා එල්ල වන ක්‍රීඩකයන් පිළිබඳ විමර්ශනය කොට ඔවුන්ට දඬුවම් පැමිණවීමයි.

ඒ අනුව පසුගිය කාලය තුළ නවසීලන්ත ක්‍රීඩක ලූ වින්සන්ට්, ඉන්දීය ක්‍රීඩක ශ්‍රීසාන්ත් සහ පාකිස්තාන ක්‍රීඩක ධනේෂ් කනේරියාට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අවධානය දැන් යොමු වී ඇත්තේ මෙවැනි තරඟ පාවාදීමේ දූෂණ සංවිධාන කරන පුද්ගලයන් සහ අතරමැදියන්ද සිය ග්‍රහණයට හසුකර ගැනීමටය.

මෙහි නවතම හෙළිදරව්ව පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලංකාවට තවත් රන් පදක්කමක්

Mohamed Dilsad

ආසියානු කුසලානය සිංහයන්ට

Mohamed Dilsad

බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව කල් යයි

Mohamed Dilsad

Leave a Comment