දේශීය

රට දිනවන ගමනට විපක්ෂය පහර දෙනවා – ජනපති

(UTV| කොළඹ) – රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑම සඳහා ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයින්ට දැනුම් දී තිබේ.   

ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

රජයේ ප්‍රතිපත්ති හා සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ශක්තිමත්ව අත්වැල් බැදගන්නා ලෙස ජනාධිපතිවරයා පලාත් පාලන ආයතන නියෝජිතයන්ට එහිදී දැනුම්දෙනු ලැබීය.

විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යායුතු බව පෙන්වාදෙන ජනාධිපතිවරයා, රජයේ සැලසුම් නිසිලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දියයුතු බවද අවධාරණය කරයි.

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බව පවසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති බිඳ වැටුණහොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකි බව ද වැඩිදුරටත් පැවසීය.

 

Related posts

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment