දේශීය

නාවික හමුදා සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයන් 1031 ක් නිරෝධායනයට

(UTV | කොවිඩ් 19 ) –  කොරෝනා ආසාදනය වී ඇති නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් 1031 දෙනෙකු මේ වන විට නිරෝධායන කඳවුරු වෙත යොමු කර ඇත.

මීට අමතරව බේරුවල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග නිරෝධායන ක්‍රියාවලියට යොමුකෙරුනු අය අතරින් 129 දෙනෙකු අද දිනයේදී නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්කර යැවූ බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

අද දිනයේ 208 කගෙන් සමන්විත ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් බ්‍රීතාන්‍යයේ සිට දිවයිනට පැමිණී අතර, ඔවුන් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගැණුනි.

හෙට දිනයේදී ද ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලන්ඩන් නුවර සිට දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

Mohamed Dilsad

යාපනයේ සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයි

Editor O

Leave a Comment