ව්‍යාපාරික

ලිසිං සහන පැකේජය තවත් මාස 6 කින් දීර්ඝ කරයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුත වූවන් සඳහා ලබාදී තිබූ ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.  

ඔවුන් සඳහා වන ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර ණය සහන ලබාදීමේ චක්‍රලේඛය ඉදිරි සති කීපය තුළ නිකුත් කිරීමට මහ බැංකුව එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් මුහුණ දෙන මූල්‍යමය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී මහ බැංකුව මේ සඳහා එකඟත්වය පළ කර ඇත.

මෙම සාකච්ඡාවට මහ බැංකුවේ හා සංචාරක අමාත්‍යාංහයේ ඉහළ නිළධාරින් මෙන්ම සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සංචාරක සංවිධාන නියෝජිතයන් ද එක්ව සිටියහ.

Related posts

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

ශ්‍රී ලංකා – නවසීලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා තර වෙයි

Mohamed Dilsad

Leave a Comment