දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා – නවසීලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා තර වෙයි

(UTV | කොළඹ) – මේ වසර අගදී නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.   

මෙම මහකොමසාරිස් කාර්යාලය ඇති කිරීම නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් වන අතරම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්තර්ක්‍රියා සැළකිය යුතු අන්දමින් පුළුල් කෙරෙනු ඇතැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු වටයේ විදේශ අමාත්‍යාංශ උපදේශන රැස්වීමක් පෙරේදා (08) දින අන්තර්ජාලය හරහා පැවැත්විණි. විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රෝහන අඹගොල්ල මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේ දකුණු හා අග්නිදිග ආසියා අංශයේ ආංශික කළමනාකරු ඇන්ඩෲ නීඩ්ස් මහතා මෙම රැස්වීමේ සම සභාපතිත්වයෙන් මෙය පැවැත්විණී.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

වෙළඳ, සංවර්ධන සහයෝගීතාව, ආරක්‍ෂාව, අන්තර් රාජ්‍ය පුද්ගල හුවමාරු, අධ්‍යාපනය සිට ක්‍රීඩාව සහ සංචාරක ව්‍යාපාරය දක්වා වන ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙයට ඇතුළත් විය.

දෙරටේ වෙළඳ හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සදහා කටයුතු කරන සෑම අංශයකම ද්විපාර්ශ්වික හුවමාරු ඉහළ නැංවීමට ඵලදායී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ද දෙරට එකඟ විය.

ජාත්‍යන්තරයේ දී පොදුවේ උනන්දුවක් දක්වන ගැටළු සම්බන්ධයෙන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

 

 

Related posts

සජිත් අගමැති ධූරය භාර ගැනීමට තීරණය කෙරේ

Mohamed Dilsad

පැය 16ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මාලදිවයින සිට ලාංකිකයන් පිරිසක් මත්තලට

Mohamed Dilsad

Leave a Comment