දේශීය

වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහි චෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කරගනී

(UTV | කොළඹ) – කූඨ ලේඛණ සකස් කර මහරගම නගරයේ ඇති රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධ චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කරනු ලැබීය.  

1996 වසරේදී සිදුව ඇතැයි කියන අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා ගොණු කර ඇත්තේ නියමිත කාලය ඉක්මවා බව විත්තිකාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයේදී පෙන්වා දී තිබුණි.

ඒ අනුව කාලාවරෝධ පණත යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීමත් සමග විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

 

Related posts

ජයග්‍රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

ජාත්‍යන්තර කම්කරු දිනය අද යි

Editor O

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment