දේශීය

සමගි ජන බලවේගයේ මංගල සංවත්සරය අද හයිඩ් පාර්ක් පිටියේදී

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී අද පස්වරු 2.30 ට ආරම්භවේ.  

‘අභියෝග හමුවේ එකට සිටගමු’ යන තේමාවෙන් සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව අභිමානවත් අයුරින් පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය.

පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප‍්‍රධානී සහ උප සභාපති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රදානත්වයෙන් සිදුකෙරේ.

 

Related posts

කැරොලයින් අතහැරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තයට

Mohamed Dilsad

වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment