දේශීය

වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ.

 

එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ හෙට (30) දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවය.

 

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බව චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන සතිය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

Related posts

”අරගලය නතර කරන්නේ නැහැ” – මහින්ද ජයසිංහ

Mohamed Dilsad

පාසල් වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment