දේශීය

ආරවුල මරණයෙන් කෙළවර වෙයි

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

ඊයේ (28) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ, මයිල්කුන්ජම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.

 

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් මරණකරුගේ හිසට පොරවකින් පහරදී ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

පහරදීම සිදුකළ පුද්ගලයාද තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාංචෝල රෝහලට මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.

 

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාංචෝල රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ලෝක සංචාරක දිනය සමරමින් තාරුණ්‍යය, තිරසාරත්වය හා ගෝලීය නායකත්වය සමග ශ්‍රී ලංකා ටුවරිසම් එක්ස්ෆෝ ඇරඹේ…

Editor O

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

Mohamed Dilsad

සිමෙන්ති හිගයක් – හේතුව මාෆියාව

Mohamed Dilsad

Leave a Comment