දේශීය

පාසල් වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කෙරේ

(UTV | කොළඹ ) – මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව පවසයි.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයේ දැක්වෙන්නේ එලෙස කහ වර්ණය භාවිත කිරීම තුළින් අනෙකුත් වාහනවල රියැදුරන්ට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ පහසුවෙන් හඳුනාගත හැකි බවත් එවිට එම වාහනවලට ඉදිරියට යාමට ප්‍රමුඛතාවය ලැබෙන බවයි.

ඊයේ(07) පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සංගම් සහ පොලීසිය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹුණු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

කැළණිය විශ්ව විද්‍යාලයේ CCTV ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන්ට ඇප

Mohamed Dilsad

අද සිට මංගල උත්සව තහනම්

Mohamed Dilsad

ළිඳට වැටී ප්‍රදේශ දෙකකදී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment