කලාදේශීය

කැරොලයින් අතහැරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තයට

(UTV | කොළඹ) – 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම කිරුළ නිල වශයෙන් අත්හැරීමෙන් පසු අයර්ලන්තයේ කේට් ෂ්නයිඩර් නව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු දැරීම අයර්ලන්ත විවාහක රූ රැජිණ සතු වන බව ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය පවසයි.   

ලෝක විවාහක රූ රැජිණ සංවිධානය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්.

ඒ අනුව 2020 නව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පළදින්නේ මෙම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ වන කේට් ෂයින්ඩර්.

2019 වසරේ දෙසැම්බර් මාසයේ අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජිණ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි කිරුළ දිනාගත් අතර දෙවන ස්ථානයට පත්වූයේ අයර්ලන්ත විවාහක රූ රැජිණ ලෙස තරගයට ඉදිරිපත්වූ කේට් ෂ්නයිඩර්.

පසුගිය 09 වනදා නෙලුම් පොකුණ රගහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ නොසන්සුන් සිද්ධියට මැදිහත්වීමත් සමග තමන් ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත් හරින බව කැරොලයින් ජූරි නිල වශයෙන් නිවේදනය කළේය.

Related posts

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවසක්

Mohamed Dilsad

හුදෙකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment