දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවසක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබේ.

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරනු ලබයි.

 

ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දීමට සැලසුම් කර තිබේ.

 

ඉන් පළමු ක්‍රමවේදය යටතේ විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමි ඉඩමක නිවාසයක් ඉදිකර දීමට සැලසුම් කර ඇත.

 

දෙවැනි ක්‍රමය වන්නේ ඉඩම් නොමැති ශ්‍රමිකයින්ට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමය.

 

තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමය.

 

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතය.

 

මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂයභාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව දන්වා තිබේ.

 

දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මඟින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඇති අතර ඊට අයදුම්පත් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන් වේ.

 

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

 

 

Related posts

ඉටුකම ශේෂය රුපියල් කෝටි 151 ඉක්මවයි

Mohamed Dilsad

කිසි සේත් රට නොවසන බව ජනාධිපති අවධාරණය කරයි

Mohamed Dilsad

වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment